කතරගම සියලු සුරාසැල් ජූලි 10 සිට සති දෙකකට වැසේ

0
Liquor Store Closed - කතරගම සියලු සුරාසැල් ජූලි 10 සිට සති දෙකකට වැසේ
ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ උත්සවය නිමිත්තෙන් ජුලි මස 10 වනදා සිට 24 වනදා දක්වා කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ පිහිටි සියලුම සුරාබදු බලපත්‍ර සහිත ස්ථාන වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව නියෝග කර තිබෙනවා.

ඒ අනුව කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ මත්පැන් අලෙවි කිරීම සදහා බලපත්‍ර ලත් වයින් ස්ටෝර්ස්, ආපනශාලා, සංචාරක හෝටල් සහ ආගන්තුක නිවාස ආදියෙහි මත්පැන් අලෙවිය සපුරා තහනම් වන බවයි සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා නිවේදනය කළේ.

මෙම කාල සීමාව ආවරණය කරමින් ඌව පලාත නියෝජනය කරන සුරාබදු නිලධාරී කණ්ඩායම් ඇසල උත්සව භූමිය සහ අවට ප්‍රදේශ වල රාජකාරියේ යෙදවීමට කටයුතු යොදා තිබෙනවා.

එම කාල සීමාව තුල ඇසල උත්සව භූමිය මතින් තොර කලාපයක් බවට පත් කිරීම සදහා අවශ්‍ය සියලු පියවර ගැනීමට ඔවුන් වෙත උපදෙස් දී ඇති බවයි සුරාබදු දෙපාර්තමේන්තුව සදහන් කළේ.