දෛනික ඉහළම කොවිඩ් 19 ආසාදිතයින් ගණන අද වාර්තා වේ

0

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 638 දෙනෙකු අද (05) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

ඊට අමතරව විදෙස්ගතව පැමිණි තවත් 42 දෙනෙක් කොවිඩ් 19 ආසාදිතයින් ලෙස හදුනාගෙන ඇත.

අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1,939කි

ඒ අනුව මෙරටදී හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 117,529ක් දක්වා ඉහළගොස් තිබේ.