නිකරුණේ මේ රටේ ජනතාව ම’රණ මංචකයට ඇද දමන්න එපා -සජිත්

0
Sajith Premadasa නිකරුණේ මේ රටේ ජනතාව මරණ මංචකයට ඇද දමන්න එපා -සජිත්

රජය පොහොර සම්බන්ධයෙන් ගෙන ඇති තීන්දුව හේතුවෙන් ඉදිරියේදී රට සාගතයකට මුහුණ දිය හැකි බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අනතුරු අඟවයි.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ, අද (02) විපක්ෂ නායක කාර්යාලයේ දී පැවති “විපක්ෂයෙන් හුස්මක්” වැඩසටහනට එක්වෙමිනි.

එම වැඩසටහනට සමගාමීව කොවිඩ් හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සෞඛ්‍යමය සහන සැලසීම සඳහා රුපියල් 2,365,000 වටිනා රෝහල් උපකරණ පුත්තලම මූලික රෝහල වෙත පරිත්‍යාග කිරීම ද අද සිදුකෙරුණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු විපක්ෂ නායකවරයා,

“පොහොර අර්බුදය තුළ මොකක් ද සිද්ධ වෙන්නේ. ගොවියාට ගොවි බිමට පොහොර ටික ලැබෙන්නේ නැති කොට ගොවියාගේ නිෂ්පාදනය පහළ වැටෙනවා. ගොවියාගේ නිෂ්පාදනය පහළ වැටෙන කොට අපේ රටේ ආහාර සුරක්ෂිතතාවය පළුදු වෙනවා. ආණ්ඩුව කියනවා ඒ වගේ දෙයක් සිද්ධ වුණොත් පිටරටින් ආහාර ගෙන්වන්නම් කියලා. ඇත්තටම මේ ආණ්ඩුවට පිටරටින් ආහාර ගෙන්වන්න මුදල් නෑ. එතකොට සාගතයක් නිර්මාණය වෙනවා. මහජනතාව මහපාරේ ඇදගෙන වැටෙන්න පුළුවන් ඒ සිදුවන ආහාර හිඟය තුළ. කාබනික පොහොර කරා යෑම වසර ගණනාවක් පුරා ක්‍රමිකව ක්‍රියාත්මක කරන්න සැලසුම හදන්න. නිකරුණේ මේ රටේ ජනතාව ම’රණ මංචකයට ඇද දමන්න එපා කියලා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here