වත්තල නගර සභාවත් එජාපයට

0
United National Party - වත්තල නගර සභාවත් එජාපයට
සමගි ජන බලවේගයට සහය දැක්වූ වත්තල නගර සභාවෙි නාගරික මන්ත්‍රීවරුන් 8 දෙනකු අද (2) නැවත එක්සත් ජාතික පක්ෂයට එක් වූ බව පක්ෂ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසීය.

නැවත එක්සත් ජාතික පක්ෂයට සහය පළ කිරීමට එක්වූයේ වත්තල නගර සභා සභාපති මාර්ක් ගුණසේකර මහතා ඇතුළු මන්ත්‍රීවරුන් අට දෙනෙකි.

පිටකෝට්ටෙි සිරිකොත පක්ෂ මුලස්ථානයට පැමිණි එම මන්ත්‍රීවරු පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන සහ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහත්වරුන් සමඟ මාධ්‍ය හමුවකටද සහභාගී වූහ.

එහිදී අදහස් දක්වමින් වත්තල නගර සභා සභාපති මාර්ක් ගුණසේකර මහතා කීවෙි පසුගිය කාලයේ යම් කලකිරීම් නිසා දේශපාලනිකව අක්‍රීය වී සිටියද රනිල් වික්‍රමසිංහ මහතාගේ දුර දක්නා නායකත්වය පිළිබඳව අවබෝධ වීමෙන් පසුව නැවත පක්ෂය වෙනුවෙන් ක්‍රියාකාරීව කටයුතු කිරීමට තීරණය කළ බවයි.අවංක දේශපාලනඥයෙකු වන පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා වෙනුවෙන් ඉදිරියේ දී ඕනෑම සහයෝගයක් දීමට තමා ඇතුළු මන්ත්‍රීවරුන් සූදානම් බවද හෙතෙම පැවසීය.