ශ්‍රී ලංකා ක්‍රිකට් පිලෙන් තවත් ලෝක වාර්තාවක්

0
Sri Lanka Cricket - ශ්‍රී ලංකා ක්‍රිකට් පිලෙන් තවත් ලෝක වාර්තාවක්
ශ්‍රී ලංකා ක්‍රිකට් පිල එංගලන්තයට හමුවේ ඊයේ (01) ලැබූ එක්දින ජාත්‍යන්තර තරග පරාජයත් සමඟ ලෝක එක්දින ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම තරග සංඛ්‍යාවක් පරාජය වූ රට බවට පත්විය.

ශ්‍රී ලංකා ඊයේ 428 වැනි එක්දින ජාත්‍යන්තර තරග පරාජය ලැබූ අතර ශ්‍රී ලංකාව මේ වන විට එක්දින ජාත්‍යන්තර තරග 860 කට ක්‍රීඩා කර තිබේ.

ඉන්දියාව එක්දින ජාතයන්තර තරග 993 කින් තරග 427 ක් පරාජයට පත්ව මීට පෙර පළමු ස්ථානයේ පසුවිය. පාකිස්තානය තරග 933 කින් තරග 414 ක් පරාජයට පත්ව වැඩිම පරාජය ලැබූ රටවල් අතර තෙවැනි ස්ථානයේ පසුවෙයි.

වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකාවේ එක්දින තරග ජය, පරාජය වීමේ අනුපාතය පහත වගුවේ දක්වා ඇත. එමගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ නැගීම සහ වැටීම පැහැදිලිව පෙන්නුම් කරයි.