ආණ්ඩුව නොමග යනවා නම් මහ සඟරුවන පෙරට ආ යුතුයි

0
Muruththettuwe Ananda Himi - ආණ්ඩුව නොමග යනවා නම් මහ සඟරුවන පෙරට ආ යුතුයි
ආණ්ඩුව නොමග යනවා නම් එය හරිමගට හැරවීම සඳහා මහ සංඝරත්නය පෙරට ආ යුතු යැයි නාරාහේන්පිට අභයාරාමාධිපති ආචාර්ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවසූහ.

රටේ ජනතාව මේ වනවිට ඉතා අසරණ තත්ත්වයකට පත්ව ඇතැයි ද පොහොර හිඟයෙන්, කෑම වේලක් ලබාගැනීමේ දුෂ්කරතාවලින්, ඔවුන් පීඩාවට පත්ව ඇතැයි ද ආනන්ද හිමියෝ පැවැසූහ.

රට විකිණීමට, බදු දීමට, පාවා දීමට ලක්කරන්න එපා යනුවෙන් රජයට පවසන බවත් සිර දඬුවම් ලබා දීම් හා සිරෙන් නිදහස් කිරීම් සාධාරණ අයුරින් සිදුවිය යුතු බවත් ආනන්ද හිමියෝ කීහ.

රටේ නීතිය, ප්‍රජාතන්ත්‍රවාදය සැමට ම සමාන ලෙස පැවැතිය යුතු බව ද මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ ප්‍රකාශ කළහ.