මෙන්ඩිස් සමාගම යළි ආරම්භ කිරීමට අර්ජුන් ඇලෝසියස්ට අවසර දෙයි

0
Mendis - මෙන්ඩිස් සමාගම යළි ආරම්භ කිරීමට අර්ජුන් ඇලෝසියස්ට අවසර දෙයි
මෙන්ඩිස් සමාගම යළි ආරම්භ කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව, අර්ජුන් ඇලෝසියස්ට අවසර දී තිබෙන බව “ද මෝර්නිං” පුවත්පත වාර්තා කරයි.

බදු ගෙවීම පැහැර හැරීම හේතුවෙන් 2018 වසරේ සිට සුරා බදු දෙපාර්තමේන්තුව මෙන්ඩිස් සමාගමට මත්පැන් නිෂ්පාදනය සදහා ලබා දී තිබූ බලපත‍්‍රය අහෝසි කර තිබුණි.

අර්ජුන් ඇලෝසියස්ට අයත් පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම, 2011 වසරේ දී ඩබ්.එම්. මෙන්ඩිස් සමාගම අත්පත් කර ගත්තේ ය. ඒ සදහා රුපියල් බිලියනයක මුදලක් එම සමාගම වැය කර ඇති බව පැවසේ.

බැදුම්කර වංචාව සම්බන්ධයෙන් ඔහු අත් අඩංගුවට පත් වීමෙන් පසුව මෙන්ඩිස් සමාගම වසර දහයක කාලයක් සදහා වෙනත් සමාගමක් වෙත ඔහු විසින් පවරා දෙන ලදී. නැවත එම සමාගම ඔහු විසින් ලබාගෙන ඇති බවයි පැවසෙන්නේ.

(ද මෝර්නිං පුවත්පත ඇසුරිනි)