දෙවැනි එක්දින තරගය එංගලන්තය කඩුලු 8කින් ජයගනී

0
England Batsman - දෙවැනි එක්දින තරගය එංගලන්තය කඩුලු 8කින් ජයගනී
දෙවැනි එක්දින තරගයෙන් ඔවුන් කඩුලු 8ක ජයක් වාර්තා කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය ද තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වි​ය.

තරගය ජය ගැනීම සදහා එංගලන්තයට ලකුණු 242ක ඉලක්කයක් හිමි වූ අතර එය කඩුලු 2ක් පමණක් දැවී සිටියදී ලබා ගැනීමට එංගලන්තය සමත් විය.

නායක ඔයින් මෝර්ගන් නොදැවී ලකුණු 75ක් හා ජෝ රූට් නොදැවී ලකුණු 68ක් රැස් කරමින් එංගලන්තයට පහසු ජයක් ලබා ගැනීමට සමත් විය.

කාසියේ වාසිය දිනූ එංගලන්තයේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 241ක් රැස්කරගත්තා.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ ධනංජය ද සිල්වා ලකුණු 91ක් රැස්කරමින් ශ්‍රී ලංකා ඉනිම වර්ණවත් කළා.

Sri Lanka Scorecard

England Scorecard