ඊයේ කොවිඩ් ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ

0
මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයින් ගණන දිනෙන් දින ඉහළ යමින් පවතිනවා.

ඊයේ දිනයේදීත් (01) වැඩිම ආසාදිතයින් වාර්තා වූයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එය ගණනින් 365ක් වනවා.

එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේදී වාර්තා වූ ආසාදිතයින් ගණන 221ක් වන අතර කළුතර,රත්නපුර සහ ගාල්ල යන දිස්ත්‍රික්ක වලින් 100 ඉක්මවූ ආසාදිතයින් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව ඊයේ දිනයේ ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ පිළිබඳ තොරතුරු පහතින්…

මේ අතර ඊයේ දිනයේදී මෙරට දිනක් තුළ සිදුකළ ඉහළම එන්නත්කරණය වාර්තා විය.

ඒ අනුව ඊයේ දිනයේදී පුද්ගලයින් 173,520 කට එන්නත් ලබාදී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කළේ.

සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 91,759 දෙනෙකුට ඊයේ ලබාදී ඇති අතර, එහි දෙවන මාත්‍රාව ලබාදුන් පුද්ගලයින් සංඛ්‍යාව 79,236 ක්.

එසේම, කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ඊයේ පුද්ගලයින් 2,523 දෙනෙකුට ලබාදීමටයි කටයුතු කර ඇත්තේ.

මේ වනවිට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 174,9500 ක් වන අතර, එහි දෙවන මාත්‍රාව ලබාගත් පුද්ගලයින් සංඛ්‍යාව හයලක්ෂ 84,352 ක්.

එසේම, කොවිෂීල්ඩ් පළමු මාත්‍රාව පුද්ගලයින් 925,242 ක් ලබාගෙන ඇති අතර, එහි දෙවන මාත්‍රාව පුද්ගලයින් 378,307 කට ලබාදී තිබෙනවා.

ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින් සංඛ්‍යාව 114,795 ක්.

එහි දෙවන මාත්‍රාව ලබාගත් පුද්ගලයින් සංඛ්‍යාව 14,427 ක් වනවා.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින් බලන්න…