ප්‍රධාන කාරණා 3ක් මත ඉදිරි කාල සීමාව ඉතාමත්ම අවධානම් – උපුල් රෝහණ

0
Upul Rohana ප්‍රධාන කාරණා 3ක් මත ඉදිරි කාල සීමාව ඉතාමත්ම අවධානම් - උපුල් රෝහණ

සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු ජනතාවට නැවත වරක් රටේ පවතින කොවිඩ් අවදානම අමතකව ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

පළාත් අතර සංචරණ සීමාද මේ වනවිට දක්නට නොමැති බවයි ඔවුන් සඳහන් කරන්නේ.

මේ පිළිබඳව බළධාරීන්ගේ අවධානය යොමුවිය යුතු බව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කියා සිටියා.

මේ අතර දැනට රටේ පවතින කරුණු 03 ක් මත ඉදිරි කාල සීමාව ඉතාමත්ම අවදානම් විය හැකිබවද උපුල් රෝහණ මහතා වැඩිදුරටත් සදහන් කලා.

එම කාරණා 3 වන්නෙ,

දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් හමුව ඇති ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විසින් නිකුත් කොට ඇති මෘතදේහ හා නිරෝධායනය සම්බන්ධ චක්‍රලේඛය හා සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු මහජනතාව වගකීමකින් තොරව හැසිරීම යන කරුණුයි.

(newsradio.lk වෙබ් අඩවිය ඇසුරිනි)