ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර දෙව​න එක්දින තරඟය අ​ද

0
Eng vs SL - ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර දෙව​න එක්දින තරඟය අ​ද
ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙව​න එක්දින තරඟය අද (01) මෙරට වේලාවෙන් පස්වරු 5.30 ට ලන්ඩන් නුවර කෙනින්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි.

මෙම ක්‍රීඩාංගණයේ මෙතෙක් පැවති තරග වාර්තා අනුව අද තරගයේදී ලැබෙන තණතීරුව පිතිකරුවන්ට වඩා යෝග්‍ය තණතීරුවක් වනු ඇති බවටයි මත පළව ඇත්තෙ.

ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරගාවලිය ද පරාජයට පත් නොවීමටනම් අද තරගය අනිවාර්යෙන්ම ජයග්‍රහණය කිරීමට සිදුවේ.

මෙම තරගාවලිය ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගය යටතට ද අයත් වන බැවින් ශ්‍රී ලංකාවට මෙම තරගවල ජයග්‍රහණයන් අතිශය වැදගත් වෙයි.