මහරගම කාන්තාවකට කොරෝනා මර්දන දෙවනි මාත්‍රාව එකම මොහොතේ දෙපාරක් විදලා

0
Covid Vaccine in Maharagama - මහරගම කාන්තාවකට කොරෝනා මර්දන දෙවනි මාත්‍රාව එකම මොහොතේ දෙපාරක් විදලා
සයිනෝෆාම් එන්නතේ දෙවනි මාත්‍රාව ලබා ගැනීමට ගිය කාන්තාවකට මාත්‍රා දෙකක් එකවර එන්නත් කිරීමේ සිදුවීමක් මහරගම පන්නිපිටිය ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

අදාල කාන්තාව පවසන්නේ එම සිදුවීමෙන් පසු තමන්ට විවිධ සංකූලතා මතුවූ බවය.

පසුගිය 16 වැනිදා රසිකා ප්‍රියදර්ශනී නැමැති මෙම 46 හැවිරි දි කාන්තාව මාකුඹුර, පන්නිපිටිය, විජයගෝෂ විද්‍යාලයේ එන්නත්කරණ මධ්‍යස්ථානයට ගොස් ඇත්තේ සයිනෝෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ලබාගැනීම සඳහායි.

මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අයත් එම මධ්‍යස්ථානයේදී අතපසුවීමකින් තමන්ට දෙවරක් එන්නත් කළ බවට මෙම කාන්තාව ප්‍රකාශ කරයි.

මේ පිළිබඳව විමසීමට අප මහගරම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීනිය සම්බන්ධ කර ගැනීමට අවස්ථා කිහිපයක් උත්සහ කළ ද එය සාර්ථක වූයේ නැහැ.

කෙසේවෙතත් ජාතික වෛද්‍ය පර්යේෂණ ආයතනයෙන් අප කළ විමසීමකදී ප්‍රකාශ කළේ, සයිනෝෆාම් එන්නත එලෙස අධි මාත්‍රාවක් ශරිර ගතවීමෙන් ගැටලුවක් ඇතිවීමේ හැකියාවක් නොමැති බවය.