කොවිඩ් 19 ආසාදනයෙන් මාළඹේ අසල්වැසි නිවෙස් 2ක තිදෙනෙක් මරුට

0

මාළඹේ ප්‍රදේශයේ පුද්ගලයින් තුන්දෙනෙකු නිවාස තුළදීම මියගොස් තිබෙනවා.  

මරණ පරීක්ෂණයෙන් පසුව අනාවරණ වී ඇත්තේ ඔවුන් සියලුදෙනාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවටයි.    

ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේ මියගිය පිරිස එකම පවුලේ බිරිඳ, ඇගේ ස්වාමි පුරුෂයා මෙන්ම අසල්වැසි නිවසක ජීවත්වූ ඔවුන්ගේ ඥාති කාන්තාවක්  බවයි.  

ඔවුන් අවුරුදු 84 ත් 91 අතර වයස්වල පසුවන්නන් වනවා.  

මියගිය යුවළගේ පුත්‍රයා සහ ඔහුගේ බිරිඳද මේ වනවිට කොරෝනා ආසාදිතව අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබන අතර, ඥාති කාන්තාවගේ දියණියටද මේ වනවිට කොරෝනා වැළඳී ඇති බවයි වාර්තාවන්නේ.