අවස්ථාවක් ලද වහා කොවිඩ් එන්නත ලබා ගන්න! ගර්භනී කාන්තාවන්ට දැනුම් දීමක්

0
Covid 19 Vaccine for Pregnant Women - අවස්ථාවක් ලද වහා කොවිඩ් එන්නත ලබා ගන්න! ගර්භනී කාන්තාවන්ට දැනුම් දීමක්
අවස්ථාවක් ලද වහා කොවිඩ් එන්නත ලබා ගන්නැයි ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය ගර්භනී කාන්තාවන්ට දැනුම් දෙනවා.

කොවිඩ් එන්නත ලබාගන්නා මවට හෝ ඒ හරහා දරුවාට අහිතකර බලපෑමක් ඇතැයි මේ දක්වා සායනිකව තහවුරු වී නොමැති බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ ලේකම් චමින්ද මාතොට මහතා කියා සිටියේ.

කොවිඩ් එන්නත ලබා නොගන්නා කාන්තාවන්ට සාපේක්ෂව එන්නත ලබාගන්නා ගර්භනී කාන්තාවන්ට කොවිඩ් සංකූලතා අවම මට්ටමක පවතින බවද චමින්ද මාතොට මහතා පෙන්වා දුන්නා.