මෙරටින් තවත් කොරෝනා ආසාදිත ම රණ 47ක් වාර්තා වෙයි

1
Covid Deaths
කොරෝනා ආසාදිත වූ තවත් 47 දෙනකු ඊයේ (29) ම රණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (30) තහවුරු කළේය.

ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත ම රණ සංඛ්‍යාව 3,077 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මි යගිය  අය අතර පිරිමි අය 16 දෙනෙක් සහ කාන්තාවන් 31 දෙනෙක් වෙති.

මි යගිය අයගෙන් 34 දෙනකු වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 12දෙනකු සහ වයස අවුරුදු 30ට අඩු එක් අයකුද මියගිය අය අතර වේ.