ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ගැන අනතුරු ඇඟවීමක්

0
Delta Variant - ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ගැන අනතුරු ඇඟවීමක්
ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය සුළුකොට සැළකිය නොහැකි බවත් ආරක්ෂක ක්‍රියාමාර්ග අනුගමනය නොකරන්නේ නම් මෙය ලංකාවේ වේගයෙන්ම පැතිරී යා හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් හේමන්ත හේරත් මහතා පැවැසීය.

මේ ප්‍රභේදය වාර්තා වූ එක් පුද්ගලයෙක් හෝ සිටිනවා යනු ඒ සම්බන්ධයෙන් වන ඉදිරි කටයුතු කරගෙන යාමට ප්‍රමාණවත් කරුණක් බවද ඔහු පැවැසීය.

මෙහි ව්‍යාප්තිය ඇසට නොපෙනෙන බවත් සියයට 200ක ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක කිරීම මගින් මෙහි පැතිරීම අවම අගයක පවත්වාගෙන යා හැකි බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.