සජබයට ගිය කෑගල්ලේ මන්ත්‍රීවරු 31ක් යළි එජාපයට

0
UNP - සජබයට ගිය කෑගල්ලේ මන්ත්‍රීවරු 31ක් යළි එජාපයට
සමගි ජන බලවේගයට සහය දැක්වූ කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා තුනක පළාත් පාලන මන්ත්‍රීවරුන් 31දෙනකු අද (30)නැවත එක්සත් ජාතික පක්ෂයට එකතු වූ බව පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් 14 දෙනකු ද,දැරණියගල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් හත් දෙනකු සහ අරණායක ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් දස දෙනකු මෙලෙස එක්සත් ජාතික පක්ෂයට එක්වූ බව එජාප මහලේකම්වරයා සඳහන් කළේය.

මෙලෙස එක්සත් ජාතික පක්ෂයට එක් වූ කෑගල්ලේ මන්ත්‍රීවරු එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා සමඟ රන්දෙණිය හිරිවඩුන්නේ දී අද මාධ්‍ය හමුවක් ද පැවැත්වූහ.

සමගි ජන බලවේගයට සහය දැක්වූ උඩුනුවර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු 12 දෙනෙක් ඊයේ (29) එක්සත් ජාතික පක්ෂයට එක්වූ අතර ගම්පොළ නගර සභාවේ මන්ත්‍රීවරු එකොළොස් දෙනෙක් මීට දෙසතියකට පමණ පෙර නැවත එක්සත් ජාතික පක්ෂයට එක් වූහ.