ඊයේ දිනයේ කොවිඩ් ආසාදිතයින් හඳුනාගත් ප්‍රදේශ

0
Covid new Cases - ඊයේ දිනයේ කොවිඩ් ආසාදිතයින් හඳුනාගත් ප්‍රදේශ
ඊයේ (29) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,717ක් හඳුනාගත් අතර ඉන් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.

හඳුනාගත් ආසාදිතයින් අතර විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයින් 8 දෙනෙකු ද සිටින බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීම පිළිබඳ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

ඊයේ දිනයේ දී ද මෙරට දිස්ත්‍රික්ක 25න් ම ආසාදිතයින් වාර්තා වී ඇති අතර, 100 ඉක්මවු ආසාදිතයින් පිරිසක් වාර්තා වී ඇත්තේ දිස්ත්‍රික්ක 4කින් පමණි.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 348ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 280ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් 198ක් හා ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 113ක් වාර්තා වු බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීම පිළිබඳ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

ඊට අමතරව කුරුණෑගල, මහනුවර, කෑගල්ල, පුත්තලම, අම්පාර, රත්නපුර, බදුල්ල හා මඩකලපුව යන දිස්ත්‍රික්කවලින් ද ආසාදිතයින් 50 ඉක්මවා වාර්තා වී තිබේ.

කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් පිරිසක් ලෙස නාරාහේන්පිට ප්‍රදේශයෙන් හඳුනාගෙන ඇති අතර ඒ ආසාදිතයින් 45ක් ලෙසය.

මීට අමතරව අවිස්සාවේල්ලෙන් හා මීගොඩ යන ප්‍රදේශවලින් ආසාදිතයින් 30 බැගින් වාර්තා වී ඇත.

ඊයේ ආසාදිතයින් හඳුනාගත් ප්‍රදේශ පහතින් දැක්වේ..

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්…