සියලුම අමාත්‍යාංශ වලට මැදිහත් වියහැකි බලයක් සහිත අමාත්‍ය ධුරයක් බැසිල්ට ලැබිය යුතුබව ශෂීන්ද්‍ර කියයි

0
Shasheendra Rajapaksa - සියලුම අමාත්‍යාංශ වලට මැදිහත් වියහැකි බලයක් සහිත අමාත්‍ය ධුරයක් බැසිල්ට ලැබිය යුතුබව ශෂීන්ද්‍ර කියයි
බැසිල් රාජපක්ෂ මහතාට ලැබිය යුත්තේ සියලුම අමාත්‍යාංශවලට මැදිහත් වෙමින් ඒවාට නායකත්වය දීමට බලයක් ඇති අමාත්‍ය ධුරයක් බව රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසයි.

ප්‍රශ්නය – මන්ත්‍රීවරු 113 දෙනෙක් අත්සන් කරලා ජනාධිපතිතුමාට බාරදුන්නා කියනවා ලිපියක්, බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට ගේන්න ඕනෙ කියලා. ඔබතුමාත් ඒකට අත්සන් කළාද ?

“නෑ, මම ඒකට අත්සන් කරන්න ඕනෙ නෑ, බැසිල් රාජපක්ෂ කියන්නෙ මගෙ බාප්පානෙ. මං හිතන්නෙ එතුමා තිරයෙන් පිටිපස්සෙ ඉඳගෙන මහා දැවැන්ත සේවාවක් කරනවා. එළියෙ ඉඳන් කරනවාට වඩා ලේසියිනෙ ඇතුළට ඇවිල්ලා කරන එක”

ප්‍රශ්නය – එතකොට අමාත්‍ය ධුරයක් ලැබුණොත් තවත් ලේසි වෙයිද ?

“අනිවාර්යයෙන්ම වෙනවා. එතුමාට ලැබෙන අමාත්‍ය ධුරය මං හිතන්නෙ ඒ සියල්ලටම මැදිහත් වෙන්න පුළුවන් අමාත්‍ය ධුරයක් වියයුතුයි. ඒ කියන්නෙ කෘෂිකර්ම අමාත්‍යාංශය වෙන්න පුළුවන්, සෞඛ්‍ය අමාත්‍යාංශය වෙන්න පුළුවන්, මහාමාර්ග අමාත්‍යාංශය මේ අමාත්‍යාංශ එකට එකතුවෙලා ඒකාබද්ධව ක්‍රියා කරන්න ඕනෙ තැන් තියෙනවා. ඒ ඇමතිවරුන්ට එකතුවෙලා සාකච්ඡා කරන්න නායකත්වයක් අවශ්‍ය වෙනවා. ජනාධිපතිතුමාට හැමදේම කරන්න අපහසු වෙන තැන් තියෙනවා. ඒවගේ තැන්වලදි යම්කිසි බලයක් සමග යම්කිසි මැදිහත්වීමක් කරන්න පුළුවන් අමාත්‍යාංශයක් ලැබුණොත් මං හිතනවා ලොකු වැඩක් කරන්න පුළුවන්”

ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (29) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

(lanka news web ඇසුරිනි)