ඩෙල්ටා රෝගීන් විශාල සංඛ්‍යාවක් සමාජයේ සිටිනවා – විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්

0
Delta Variant ඩෙල්ටා රෝගීන් විශාල සංඛ්‍යාවක් සමාජයේ සිටිනවා - විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්
වේගයෙන් පැතිරයන ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය සහිත රෝගීන් විශාල පිරිසක් සමාජයේ සිටිය හැකි බැවින් නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද පිළිනොපැද්දොත් පවතින තත්ත්වය දරුණු විය හැකි යැයි සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.

ඩෙල්ටා නව ප්‍රභේදය සහිත ආසාදිතයන් පස් දෙනෙක් ඊයේ වනවිට මෙරටින් හමුවී තිබූ අතර සැක සහිත තිදෙනකුගේ අවසන් වාර්තා ලැබීමට නියමිත බවද ඒ මහතා කීය.

මේ තත්ත්වය හමුවේ ඩෙල්ටා ප්‍රභේදය රට පුරා පැතිර යෑමේ දැඩි අවදානමක් තිබෙන නිසා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද සියයට සියයකින් නොව සියයට දෙසියකින් පිළිපැදීම අත්‍යවශ්‍ය බව ඒ මහතා සඳහන් කළේය.

ලෝකයේ රටවල් අසූ හයකට අධික ප්‍රමාණයක ඩෙල්ටා ප්‍රභේදය මේ වනවිට ශීඝ්‍රයෙන් පැතිර යමින් තිබෙන අතර ලෝක සෞඛ්‍ය සංවිධානය කියා සිටින්නේ එන්නත්කරණය අඩුවෙන් සිදු කර ඇති රටවල් දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළ යුතු බවයි.

(දිනමිණ පුවත්පත ඇසුරිනි)