වෙල්ගම සමගියෙන් ඉවතට – සංචරණ සීමා අවසන් වූ විගස අලුත් පක්ෂයකින් කරළියට (VIDEO)

0
Kumara Welgama වෙල්ගම සමගියෙන් ඉවතට - සංචරණ සීමා අවසන් වූ විගස අලුත් පක්ෂයකින් කරළියට (VIDEO)
සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා සමාන නව පක්ෂයක් ගොඩ නගන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවසුවේය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (29) කොළඹදී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ උපන්දිනය වෙනුවෙන් ළමා නිවාසයකට දානය ලබා දීමේ වැඩසටහනින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

නව පක්ෂය පිහිටුවීම ගැන මේ වන විටත් සාකච්ජා පැවැත්වෙමින් තිබෙන අතර එම සාකච්ජා සාර්ථක බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.

තමන් සමඟි ජන බලවේගයෙන් ජන්දයට ඉදිරිපත් වුණේ හවුල්කාර පක්ෂයක් ලෙස වන අතර සමඟි ජන බලවේගයෙන් ජන්දය ඉල්ලුවද තමන් ශ්‍රී ලංකාකාරයෙකු බව කියා සිටියේය.

බණ්ඩාරනායක ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන යන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා සමාන පක්ෂයක් නිර්මාණය කරන බවයි හෙතෙම පැවසුවේ.

දැනට එම නව පක්ෂයේ නායකත්වය තමන් විසින් ගන්නා බවද ඔහු සඳහන් කළේය.

(lanka news web ඇසුරිනි)