පී සී ආර් පරික්ෂණ සියයට 50 කින් අඩුකර ඇති බවට චෝදනා

0
PCR Test - පී සී ආර් පරික්ෂණ සියයට 50 කින් අඩුකර ඇති බවට චෝදනා
මෙරටින් කොරෝනා ආසාදිතයින් අධික පිරිසක් වාර්තා වූ පසුගිය සති කිහිපයට සාපේක්ෂව අදවනවිට පී සී ආර් පරික්ෂණ සංඛ්‍යාව සියයට 50කින් අඩුකර ඇති බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනාවක් එල්ල කරනවා.

අද වනවිට කොවිඩ් මර්දන කාර්යය සාධක බළකාය වගකීම් විරහිත තත්වයකට පත්ව ඇති බවයි පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකදී ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කළේ.