ඇමතිනී සුදර්ශනීගෙන් ඩෙල්ටා ප්‍රභේදය ගැන අනතුරු ඇඟවීමක්

0
Sudharshani Fernandopulle - ඇමතිනී සුදර්ශනීගෙන් ඩෙල්ටා ප්‍රභේදය ගැන අනතුරු ඇඟවීමක්
ජනතාව ආරක්ෂක ක්‍රමවේද අනුගමනය නොකළහොත් තවත් සති දහයකින් පමණ පසු මෙරටේ ප්‍රධාන කොවිඩ් ප්‍රභේදය බවට ඉන්දීය සැර ඩෙල්ටා ප්‍රභේදය පත්වන බවට වෛද්‍ය විශේෂඥයින් අනතුරු අඟවා ඇතැයි කොරෝනා මර්ධන රාජ්‍ය ඇමතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

රටේ සෞඛ්‍යමය අවදානම පහව ගොස් නැති බවත් අලුත් සතුරකු කැරකීමෙන් තිබෙන බවත් ඇය සඳහන් කළාය.

ඩෙල්ටා ප්‍රභේදය මතුවීමේ අවදානමක් තිබෙන බවද රාජ්‍ය ඇමතිවරිය කීවාය.

මේ තත්වය නිසා සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරමින් කටයුතු කරන්නැයි සියලු ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවත් එසේ කටයුතු නොකළහොත් ලොකු අවදානමක් මතුවිය හැකි බවත් ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

කොරෝනාවලින් වැඩියෙන්ම මිය යන්නේ 60ට වැඩි අය බවත් ඒ පිරිස්වලට එන්නත් එන්නත්කරණයේදි වැඩි අවධානය යොමු කිරීමට රජය තීරණය කර ඇත්තේ ඒ නිසා බවත් ඇය සඳහන් කළාය.