සමගියට ගිය උඩුනුවර මන්ත්‍රිවරු 12ක් යළි එජාපය හා එක්වේ

0
UNP vs SJB - සජබට ගිය උඩුනුවර මන්ත්‍රිවරු 12ක් යළි එජාපයට
සමගි ජන බලවේගයට සහාය දැක්වූ උඩුනුවර ප්‍රාදේශීය සභාවේ පළාත් පාලන මන්ත්‍රීවරුන් දොළොස් දෙනකු අද (29)නැවත එක්සත් ජාතික පක්ෂයට එකතු වූ බව එජාප මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසීය.

උඩුනුවර ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගයට සහාය දැක්වූ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දහතුන් දෙනකු සිටි බවත් එයින් දොළොස් දෙනකුම නැවත එක්සත් ජාතික පක්ෂයට එක්වූ බවත්, එජාප මහලේකම්වරයා සඳහන් කළේය.

එලෙස එක්සත් ජාතික පක්ෂයට සහාය දැක්වීමට එක් වූ පළාත් පාලන මන්ත්‍රීවරුන් එජාප මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා සමඟ ගෙලිඔය දී මාධ්‍ය හමුව ද අද (29)පැවැත්වූ අතර එහිදී අදහස් දක්වමින් මන්ත්‍රීවරුන් පැවසූයේ පාරම්පරික එක්සත් ජාතික පාක්ෂිකයන් වන තමන්ට අලියා ලකුණ හෝ පක්ෂය හෝ අමතක කරන්නට කිසිදිනක නොහැකි බවය.

ඉදිරි කාලයේ සියලු වැරදි අඩුපාඩු හදා ගනිමින් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරවීම සඳහා කටයුතු කරන බවද එජාපයට එක් වූ මන්ත්‍රීවරු එහිදී පැවසූහ.

පසුගිය කාලයේ සමගි ජන බලවේගයට සහය දැක්වීමට සිදු වුයේ ආසන සංවිධායකවරයාගේ තීරණය නිසා බව ද මන්ත්‍රීවරු කීහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here