මෙහි සඳහන් රටවල ගුවන් මගීන්ට පළමුවැනිදා සිට ලංකාවට එන්න අවසර නොලැබේ

0
CAASL - මෙහි සඳහන් රටවල ගුවන් මගීන්ට පළමුවැනිදා සිට ලංකාවට එන්න බෑ
මැදපෙරදිග රටවල් 6 කින් පැමිණෙන ගුවන් මගීන්ට මෙරටට ගොඩ බැසීමට අවසර ලබා නොදෙන බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සියලු ගුවන් සේවාවන්ට දැනුම් දී තිබෙනවා.

ඒ ජූලි පළමු වැනිදා සිටයි.

මෙලෙස අවසර ලබා නොදෙන අදාළ රටවල් වන්නේ බහරේනය, කටාර්,එක්සත් අරාබි එමීර් රාජ්‍යය,සෞදි අරාබිය,කුවේට්, හා ඕමානයයි.

ජූලි පළමු වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ජූලි 13 වැනිදා මධ්‍යම රාත්‍රි 12 දක්වා කාලය තුළ අදාළ රටවලින් කිසිදු පුද්ගලයෙකුට මෙරටට ඇතුළුවීමට අවසර නොලැබෙනු ඇති.

කෙසේ වෙතත් අතරමැදි ගුවන් ගමන් සඳහා එම රටවලින් පැමිණෙන මගීන්ට මෙය බල නොපාන බව ද සිවිල් ගුවන් සේවා අධිකාරිය දැනුම් දෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here