පිළියන්දල කැස්බෑව නැවත හුදකලා වෙයි ?

0
Piliyandala - පිළියන්දල නගරයට ඇතුළුවීම

සෞඛ්‍ය අමාත්‍යංශයේ විශේෂ තාක්ෂණික කණ්ඩායමක් අද (05) පිළියන්දල සහ කැස්බෑව ප්‍රදේශයන්ට ගොස් එම ප්‍රදේශයන් යලි හුදකලා කිරීමට අවශ්‍යදැයි පරීක්ෂාකර සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා වෙත කරුණු වාර්තා කිරීමට නියමිතයි.

එම කරුණු අධ්‍යයනය කිරීමෙන් පසුව පිළියන්දල සහ කැස්බෑව ප්‍රදේශයන් යලි හුදකලා කල යුතුද නැත්ද යන තීරණය ගනු ලැබීමට නියමිතයි.

‍මේ අතර කොවිඩ් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් දැඩි කතාබහට ලක්ව ඇති පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශයේ සිදුකළ අහඹු PCR පරීක්ෂණ 95කින් 72ක් කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා සඳහන් කළේය.