ශ්‍රී ලංකා – එංගලන්ත පළමු එක්දින තරගය අද

0
Eng vs Sl 1st ODI ශ්‍රී ලංකා - එංගලන්ත පළමු එක්දින තරගය අද
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වනවා.

පළමු තරගය මෙරට වේලාවෙන් පස්වරු 3.30 ට එංගලන්තයේ චෙස්ටර් ලී ස්ට්‍රීට් හීදි ආරම්භ වීමට නියමිතයි.

දෙරට අතර පැවති විස්සයි විස්ස තරගාවලිය 3 ට 0 ක් ලෙස පරාජයට පත්වීම හමුවේ ශ්‍රී ලංකා පිළ මෙම තරගාවලියට එක්වන්නේ යම් පසුබෑමක් සහිතවයි.

මේ අතර ශ්‍රී ලංකා නායක කුසල් ජනිත් පෙරේරා ඊයේ ඔන්ලයින් ක්‍රමයට මාධ්‍ය හමුවකට එක්වුනා.

අද තරගයේදී නවක ක්‍රීඩකයන්ට වැඩි අවස්ථාවක් හිමිවනු ඇති බවයි ඔහු කියා සිටියේ.