මෙරට පුද්ගලයින් 3,453,960 කට කොවිඩ් එන්නත ලබා දී අවසන්

0
Covid 19 Vaccine - මෙරට පුද්ගලයින් 3,453,960 කට කොවිඩ් එන්නත ලබා දී අවසන්
ඊයේ (26) දිනය වනවිට මෙරට කොවිඩ් එන්නත් මාත්‍රා 3,453,960 ක් ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

ඒ අනුව, සයිනොෆාම් එන්නත් 1,533,780 ක් පළමු මාත්‍රාව ලෙස ලබාදී ඇති අතර, දෙවැනි මාත්‍රාව ලෙස ලබාදී ඇති එම එන්නත් සංඛ්‍යාව 490,850ක් බවයි එම අංශය වැඩිදුරටත් පවසන්නේ.

තවද 925,242 දෙනෙකුට කොවිෂීල්ඩ් පළමු මාත්‍රාව ලබාදී ඇති අතර, එහි දෙවන මාත්‍රාව ලබාදී ඇති සංඛ්‍යාව 372,868 ක් වනවා.

තවද ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව 114,795 දෙනෙකුට ලබාදී ඇති අතර, එහි දෙවන මාත්‍රාව 14,425 දෙනෙකුට ලබාදී තිබෙනවා.

එමෙන්ම කොවිඩ් 19 පැතිරීම වැළක්වීමේ ජාතික ක්‍රියාන්විතය වඩාත් ශක්තිමත් කරමින් සෞඛ්‍ය අංශ විසින් සිදුකරනු ලබන එන්නත්කරණ වැඩසටහන වඩාත් කාර්‍යක්ෂමව සහ ක්‍රමවත්ව සිදුකිරීම සදහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ භට පිරිස් අද (ජූනි 27) දිනයේද එන්නත්කරණ වැඩසටහන් සඳහා තම දායකත්වය ලබා දී තිබෙනවා.

ඒ අනුව අද දින (27) කොළඹ දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් වෙළඳ කලාප ආයෝජන ප්‍රවර්ධන මණ්ලයට අයත් සීතාවක අපනයන සැකසුම් කලාපයේ සේවක සේවිකාවන් 3800කට ආසන්න පිරිසක් සඳහා මෙම එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙනවා.