සමස්ත දිවයිනටම සංචරණ සීමා යළි පැනවේද ?

0
Travel Restrictions -සමස්ත දිවයිනටම සංචරණ සීමා යළි පැනවේද ?
කොවිඩ් ආසාදිතයන් හමුවන තත්ත්වය සමග සමස්ත දිවයිනටම සංචරණ සීමා පැනවීමේ අවශ්‍යතාවක් දැනට නොමැති බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

අද (27) උදෑසන ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහන සමග සජීවීව එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

එහෙත් අවශ්‍ය වුවහොත් සංචරණ සීමා දැඩි ලෙස පැනවීමට සිදුවන බවද හමුදාපතිවරයා එහිදී කියා සිටියා.

සංචරණ සිමා පැනවීම සිදු වන්නේ විද්‍යානුකූල සලකා බැලීම්වලින් අනතුරුව බවයි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පෙන්වා දුන්නේ.

(liveat8.lk වෙබ් අඩවිය ඇසුරිනි)