ජනතාවට සහන දෙන්න බැරිනම් ඉල්ලා අස්වෙන්න! සජිත් ආණ්ඩුවට කියයි

0
Sajith Premadasa - ජනතාවට සහන දෙන්න බැරිනම් ඉල්ලා අස්වෙන්න! සජිත් ආණ්ඩුවට කියයි

ජනාධිපතිවරයාගේ ජාතිය ඇමතීමේ කතාවෙන් ඔප්පු වූයේ රජයේ නොහැකියාව සහ අසාර්ථකත්වය පමණක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

වර්තමානයේ රටේ ජනතාව ප්‍රධාන වශයෙන් මුහුණදී ඇති ගැටලූ 6 ක් සදහා විසදුම් සහිත පිළිතුරු ලබා දෙන්නැයි සමගි ජන බලවේගය කළ ඉල්ලීමට කිසිදු සාධාරණ ප්‍රතිචාරයක් එම ප්‍රකාශයෙන් නොලැබුණු බවයි විපක්ෂ නායකවරයා කියාසිටියේ.

පවතින අර්බුදකාරී තත්වයෙන් ජනතාව මුදාගැනීමට නොහැකිනම් ආණ්ඩුවට ඇති විකල්පය ඉල්ලා අස්වීම බවයි ඊයේ විපක්ෂ නායක කාර්යාලයේදී ප්‍රකාශයක් කරමින් සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේ.