ඉදිරියේදී පූර්ණ සංචරණ සීමා පැනවීමක් නැතිද? ඇත්ත නැත්ත මෙන්න

0
Travel Restrictions - ඉදිරියේදී පූර්ණ සංචරණ සීමා පැනවීමක් නැතිද? ඇත්ත නැත්ත මෙන්න
ඉදිරියේදී කිසිදු අවස්ථාවක මුළු දිවයිනටම පූර්ණ සංචරණ සීමා පැනවීමක් සිදු නොකරන බවට සමාජ මාධ්‍ය තුළ හුවමාරු වන වාර්තාවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව යුද හමුදාපතිවරයා පවසනවා.

අප කළ විමසීමකදී ඔහු අවධාරණය කළේ, කොරෝනා ආසාදිතයින් සහ ම රණ වාර්තා වීම පදනම් කරගෙන ඕනෑම අවස්ථාවක දිවයින පුරා සංචරණ සීමා දැමීමට කටයුතු කරන බවයි.

කෙසේ වෙතත්, පළාත් අතර සංචරණ සීමා පෙර පරිදි ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව ද සඳහන්.

එසේ ම තවදුරටත් සාද, උත්සව වැනි ජනතාව ඒකරාශී වන කිසිදු කටයුත්තක් සඳහා අවසර හිමි නොවන බවයි යුද්ධ හමුදාපතිවරයා පවසන්නේ.

රාජ්‍ය හා පෞද්ගලික ආයතන ද සීමිත සේවක පිරිසක් කැඳවා කළ යුතු බවත් මෙම සියලු කටයුතු සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලබාදී ඇති උපදෙස්වලට අනුව කළ යුතු බව ද යුදහමුදාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළා.

(හිරු නිවුස් වෙබ් අඩවිය ඇසුරිනි)