ශ්‍රී ලංකා පොලීසියෙන් මහජනතාවට පණිවුඩයක්

0
People - ශ්‍රී ලංකා පොලීසියෙන් මහජනතාවට පණිවුඩයක්
සංචරණ සීමා ඉවත් කර රට විවෘතව පැවතියත් නිරෝධායන රීතිවලට අනුගතව මහජනතාව කටයුතු කළ යුතු බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ නිවෙස්වලින් පිටතට පැමිණෙන ජනතාව කොවිඩ් වෛරස අවදානම් තත්ත්වය පිළිබදව අවබෝධයෙන් කටයුතු කළ යුතු බවයි.

විශේෂයෙන් පොදු ප්‍රවාහන සේවා, කඩ සාප්පු පවත්වාගෙන යෑම සහ ආයතන පවත්වාගෙන යෑමේදි නිසි සෞඛ්‍ය නිර්දේශයන්ට අනුව කටයුතු කළ යුතු බව ද අජිත් රෝහණ මහතා පැවසීය.

නිරෝධායන රීති උල්ලංඝනය කිරීම හේතුවෙන් මේ දක්වා පුද්ගලයින් 43,855 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කරයි.