වෙනස් නොකල හැකි පරිදි 19 යළි ගෙන එන බව රනිල් කියයි

0
Ranil Wickramasinghe - වෙනස් නොකල හැකි පරිදි 19 යළි ගෙන එන බව රනිල් කියයි
මින් ඉදිරියට කිසිවෙකුටත් වෙනස් කළ නොහැකි පරිදි 19 වන ව්‍යවස්ථා සංශෝධනය යළි ගෙන ඒම තම අනාගත දේශපාලන සැලැස්ම බව එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඔහු කියා සිටියේ පවතින කොරෝනා තත්ත්වය හමුවේ බලය අත්පත් කර ගැනීම පෙසක තබා තමන් තනිවම සිය අරමුණ වෙනුවෙන් කටයුතු කරන බවයි.

එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින්.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට පත්වීමෙන් පසු රේඩියෝ නාලිකාවක් සමග පැවැත්වූ පළමු සම්මුඛ සාකච්ඡාව වන නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයේ සම්පූර්ණ වීඩියෝව පහතින්.