එකම පවුලේ තිදෙනෙක් කොරෝනාවෙන් මරුට

0
Peradeniya Muruthalawa Family - එකම පවුලේ තිදෙනෙක් කොරෝනාවෙන් මරුට
අඹුසැමි යුවළක් සහ ඔවුන්ගේ පුතකු කෙරෝනා වයිරසය ආසාදනය වී මියගොස් ඇති බව පේරාදෙණිය මුරුතලාව මහජන සෞඛ්‍ය පරික්‍ෂක කපිල වික‍්‍රමනායක මහතා පවසයි.

පේරාදෙණියේ මුරුතලාව පදිංචිව සිටි අඹුසැමි යුවළක් සහ ඔවුන්ගේ පුතෙකු මෙසේ මියගොස් ඇත.

ස්වාමිපුරුෂයා පසුගිය 03 වැනිදාද ඔහුගේ බිරිඳ පසුගිය 14 වැනිදා සහ පුතා පසුගිය 23 වැනිදා ද කෙරෝනා වයිරසය ආසාදනය වී මියගොස් ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්‍ෂක සඳහන් කරයි.

මියගිය පුත්‍රයාගේ අවසන් කටයුතු පෙරේදෙ (24) මහනුවර මහියියාව ආදාහනාගාරයේදී සෞඛ්‍ය නීතී රීතී වලට අනුව සිදුකළ බව මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයා කීය.

(ලංකාදීප වෙබ් අඩවිය ඇසුරිනි)