ඇස්ට්‍රාසෙනෙකා ගැන බොරු කිව්වැයි අසේල සම්පත් CID අත්අඩංගුවට

0
Asela Sampath - ඇස්ට්‍රාසෙනෙකා ගැන බොරු කිව්වැයි අසේල සම්පත් CID අත්අඩංගුවට
සිවිල් සංවිධාන ක්‍රියාකාරී අසේල සම්පත් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ ප්‍රමිතිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකල බව කියන අසත්‍ය ප්‍රකාශයකට අදාළවයි.

ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් කර තිබූ පැමිණිල්ලකට අදාළව අසේල සම්පත් මහතා අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.

මේ අතර අසේල සම්පත් මහතාගේ අයිතිවාසිකම් ආරක්ෂා කර සුරක්ෂිත කිරීමට සමගි ජන බලවේගය කැපවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඔහු වෙනුවෙන් සමගි ජන බලවේගය නොමිලේම නීතිමය සහය ලබා දීමට තීරණය කර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා සඳහන් කලේ.

සියලුම ශ්‍රී ලාංකේය පුරවැසියන්ට ඔවුන්ගේ හෘදය සාක්ෂියට අනුව කථා කිරීමේ අයිතිය ද සෑම කෙනෙකුටම ඔවුන්ගේ නිදහස භුක්ති විඳීමේ අයිතිය ද සුරක්ෂිත විය යුතු අතර ඒ වෙනුවෙන් සමගි ජන බලවේගය තිරසරව පෙනී සිටින බවද සජිත් ප්‍රේමදාස මහතා කියාසිටියා.