සහල් රැගෙන නිවස වෙත පැමිණෙමින් සිටියදී ඇදවැටී මියගිය පුද්ගලයාට කොවිඩ්

0
Ambalangoda Thilakapura dead - සහල් රැගෙන නිවස වෙත පැමිණෙමින් සිටියදී ඇදවැටී මියගිය පුද්ගලයාට කොවිඩ්
අම්බලන්ගොඩ තිලකපුර ජල ටැංකිය ප්‍රදේශයේ මාර්ගය අසල ඊයේ (24) ඇදවැටී මියගිය පුද්ගලයා කොවිඩ් ආසාදිතයෙකු බව පී.සී.ආර්. පරීක්ෂණයකදී තහවුරු වී තිබේ.

64 හැවිරිදි එම පුද්ගලයා මාර්ගයේ ඇදවැටීමෙන් පසුව ඔහුට කෘත්‍රීම ශ්වසනය ලබාදීමට පුතුන් දෙදෙනා කටයුතු කර තිබුණි.

තිලකපුර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැවසුවේ, මියගිය පුද්ගලයා පදිංචිව සිටි නිවස සහ ඔහු ආ ගිය නිවාස 4ක පුද්ගලයින් නිරෝධායනයට යොමු කළ බවය.