නැවතත් සංචරණ සීමා පනවයිද? විශේෂ සාකච්ඡාව අද

0
Travel Restrictions - නැවතත් සංචරණ සීමා පනවයිද? විශේෂ සාකච්ඡාව අද
ඉදිරියේදී සංචරණ සීමා පනවනවාද, නැද්ද යන්න සම්බන්ධයෙන් අද (25) දිනයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව ඖෂධ නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

කෙසේ වෙතත් ඉදිරියේදී සංචරණ සීමා පැනවීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිඳු තීරණයක් ගෙන නොමැති බව අමාත්‍යවරයා පැවසීය.

සංචරණ සිමා පිළිබදව තීරණ ගනු ලබන්නේ ජනාධිපති කාර්ය සාධන බලකාය මගින් බව ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කරයි.