අධිකරණයේ ස්වාධීනත්වය හා ගරුත්වය රකින්න රජයට හැකිවුණා

0
Shehan semasinghe - අධිකරණයේ ස්වාධීනත්වය හා ගරුත්වය රකින්න රජයට හැකිවුණා
අධිකරණයේ ස්වාධීනත්වය හා ගරුත්වය ආරක්ෂාවන වාතාවරණයක් අදවනවිට රටතුල නිර්මාණය කිරීමට වත්මන් රජයට හැකියාව ලැබී ඇති බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවී මරණ දඩුවම් නියමවී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමිනුයි රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කළේ.

දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබාදී ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව බවද ශෙහාන් සේමසිංහ මහතා පෙන්වා දුන්නා.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ළගදීම පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට නියමිතව ඇතැයි පලවන මාධ්‍ය වාර්තා පිළිබදවද රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මෙහිදී අදහස් දැක්වුවා.

බැසිල් රාජපක්ෂ මහතා වත්මන් ආණ්ඩුවේ ජයග්‍රහණ රැසක පුරෝගාමියෙකු බවත් ඒ හේතුවෙන් ඔහු පාර්ලිමේන්තුව නියෝජනය කර තනතුරක් ලබාගැනීම කිසිදු ගැටලුවක් නොවන බවත් ශෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළා.