මුදල් ඇමති බැසිල් – දිවුරුම් දීම 6 වන දා ? තෙල් මිලත් අඩු කරයි?

0
Basil Rajapaksha - මුදල් ඇමති බැසිල් – දිවුරුම් දීම 6 වන දා ? තෙල් මිලත් අඩු කරයි?
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ලබන 6 වැනිදා යළිත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දීමට නියමිත බව පුවත්පත් වාර්තා කරනවා.

මන්ත්‍රීවරයෙක් ලෙස පත්වීමෙන් අනතුරුව එදිනම සවස ඔහු මුදල් හා ආර්ථික සංවර්ධන කැබිනට් අමාත්‍ය ධුරයෙහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිත බවයි පුවත්පත් වාර්තාවල දැක්වෙන්නේ.

බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පිවිසීමට අවස්ථාව ලබාදෙමින් පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා ඉල්ලා අස්වීමට නියමිත බවයි ඉන් අනාවරණය කර ඇත්තේ.

බැසිල් රාජපක්ෂ මහතා අමාත්‍යධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව පෙට්‍රල් මිල රුපියල් 5ත් 7ත් අතර ගණනකිනුත්, ඩීසල් රුපියල් තුනත් පහත් අතර ගණනකිනුත් අඩුකරනු ඇතැයි ද පුවත්පත් වාර්තාවේ දැක්වෙනවා.