ඊයේ කොවිඩ් ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ

0
Positive case yesterday - ඊයේ කොවිඩ් ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ
ඊයේ මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් අතුරෙන් වැඩිම පිරිසක් සටහන් වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. එම සංඛ්‍යාව 436 ක්.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් වැඩිම රෝගීන් ගණන නිට්ටඹුව ප්‍රදේශයෙන් වාර්තා වි තිබෙන අතර ආසාධිතයින් 64 දෙනෙක් එම ප්‍රදේශයෙන් හදුනාගෙන තිබෙනවා.

කළුතර 324 ක් , කොළඹ 318 ක් , රත්නපුර 178 ක් , කුරුණෑගල 121 ක් , මඩකලපුව 115 ක් , නුවරඑළිය 73 ක් , යාපනය 71 ක් , බදුල්ල 71 ක් සහ ගාල්ල දිස්ත්‍රික්කයෙන් 65 ක් වශයෙන් ඊයේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් වාර්තා වී තිබෙනවා.

අම්පාර 61 ක් , මාතර 51 ක් , ත්‍රිකුනාමලය 45 ක් , කෑගල්ලේ 44 ක් , මහනුවර 38 ක් , මාතලේ 34 ක් , පුත්තලම 34 ක් , වව්නියාව 26 ක් , මොනරාගල 23 ක් , මන්නාරම 16 ක් , අනුරාධපුර 11 ක් , හම්බන්තොට 09 ක් , පොලොන්නරුව 06 ක් , මුලතිව් 06 ක් සහ කිළිනොච්චි දෙදෙනෙකු වශයෙන් ද ඊයේ මෙරටින් කොවිඩ් රෝගීන් වාර්තා වී තිබෙනවා.