කොවිඩ් අවදානම සහිත දරුවන් ගැන විශේෂ පණිවිඩයක්

0
Channa de silva - කොවිඩ් අවදානම සහිත දරුවන් ගැන විශේෂ පණිවිඩයක්
කොරෝනා වෛරසය ආසාදනයවන දරුවන් අතරින් අවදානම් තත්වයට පත්විය හැකි දරුවන් කණ්ඩායම් කිහිපයක් හදුනාගෙන ඇති බව ළමා රෝග පිළිබද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය පවසනවා.

එහි ලේකම් ළමා ශ්වසනරෝග පිළිබද විශේෂඥ වෛද්‍ය චන්නද සිල්වා මහතා අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ වයස අවුරුද්දට අඩු දරුවන් සහ නිධන්ගත රෝග සහිත දරුවන් මෙලෙස අවදානම් කණ්ඩායම් ලෙස හදුනාගෙන ඇති බවයි.

නිරෝගී දරුවන්ට කොරෝනා වෛරසය ආසාදනයවුවද සංකූලතා ඇතිවීම අවම මට්ටමක පවතින බවත් එය සුබවාදී තත්වයක් බවත් විශේෂඥ වෛද්‍ය චන්නද සිල්වා මහතා පෙන්වා දුන්නා.

මේ දිනවල දරුවන්ගේ රෝග ලක්ෂණ පිළිබද විශේෂ අවධානයකින් සිටින ලෙස විශේෂඥ වෛද්‍ය චන්නද සිල්වා මහතා දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටියා.