පරෙයියන් දිය ඇල්ලෙන් ඇද වැටී ජීවිතයෙන් සමුගත් තරුණයා

0
Pareiyan ella - පරෙයියන් දිය ඇල්ලෙන් ඇද වැටී ජීවිතයෙන් සමුගත් තරුණයා
බඩල්කුඹුර , පරෙයියන් දිය ඇල්ලේ දිය නෑමට ගිය තරුණයෙක් ඉන් ඇද වැටී ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

අදාළ තරුණයා සිය පවුලේ සමාජිකයින් සමග ඊයේ පස්වරුවේ දිය නෑමට ගොස් ඇති අතර ඔවුන් දිය ඇල්ල තරණය කිරීම සදහා උත්සාහ දරා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එම අවස්ථාවේ දී මෙම තරුණයා ඉන් ඇද වැටී ජීවිතක්ෂයට පත් වී ඇති බවට මූලික පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ මඩුගහපට්ටිය බඩල්කුඹුර ලිපිනයේ පදිංචි වයස අවුරුදු විසිතුනක් වන තරුණයෙක්.