අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට ජංගම දුරකතන

0
Mobile - අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට ජංගම දුරකතන
දුෂ්කර පළාත්වල හෝ අඩු ආදායම්ලාභී පවුල්වල ආර්ථික අපහසුතා ඇති දරුවන්ට අඩු මුදලකට පහසු ගෙවීමේ පදනම මත ස්මාට් ජංගම දුරකතන මිලදී ගැනීම සඳහා ඉතා ඉක්මනින් ක්‍රමවේදයක් හඳුන්වා දීමට සාකච්ඡා කර ඇතැයි අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් ඊයේ (22 වැනිදා) පාර්ලිමේන්තුවේදී පැවැසුවේය.

සංජීව එදිරිමාන්න මන්ත්‍රීවරයා විසින් ගෙන ආ සභාව කල්තැබීමේ යෝජනාවට අදාළ විවාදයට එක්වෙමින් ඇමැතිවරයා මෙසේද කීය.

සමෘද්ධිලාභී පවුල්වල අධ්‍යාපනය ලබන දරුවන් සඳහා පහසු ගෙවීමේ ක්‍රමය යටතේ පරිගණක ලබා දීමේ වැඩපිළිවෙළක් සකස් කිරීමට සමෘද්ධි අමාත්‍යාංශයේ ලේකම්ට දැනුම්දී තිබෙනවා.