විපක්ෂයේ උද්ඝෝෂණයකින් මැතිසබේ උණුසුම් වෙයි (PHOTOS)

0
Prorest in parliament - විපක්ෂයේ උද්ඝෝෂණයකින් මැතිසබේ උණුසුම් වෙයි (PHOTOS)

ඉන්ධන මිළ ඉහළ දැමීමට එරෙහිව ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය මේ වනවිට පාර්ලිමේන්තු සභා ගැබ තුළ විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයක නිරත වනවා.

තෙල් මිල ඉහළදැමීමට එරෙහිව විවිධ සටන්පාඨ කියමින් සහ විරෝධතා පුවරුද ප්‍රදර්ශණය කරමිනුයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුලු සමගි ජන බලවේගයේ මන්ත්‍රි කණ්ඩායම මෙලෙස විරෝධතාවයේ නිරත වුණේ.

ඉන්ධන මිල ඉහළදැමීම සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකළ ප්‍රශණවලට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා නිසි පරිදි පිළිතුරු නොදුන් බවට විපක්ෂයේ මන්ත්‍රි නලින් බණ්ඩාර මහතා චෝදනාවක් එල්ල කළ අතර ඉන් පසුවයි සභා ඝර්භය තුල විරෝධතාව ආරම්භ වුනේ.

විපක්ෂයේ මන්ත්‍රි නලින් බණ්ඩාර මහතා එල්ල කළ චෝදනාවට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා ප්‍රතිචාර දැක්වූ අතර එහිදී සහමගි ජන බලවේගයේ මන්ත්‍රි චමින්ද විජේසිරි මහතාද ඊට මැදිහත් වුණා.