කොරෝනා ආසාදිත අම්මා දරුවාට ජීවිතය දී අවසන් ගමන් යයි

0
Baby - කොරෝනා ආසාදිත අම්මා දරුවාට ජීවිතය දී අවසන් ගමන් යයි
කොරෝනා රෝගය ආසාදිතව සිටියදී සීසේරියන් සැත්කමකින් සිය දරුවා බිහි කළ තිස් හැවිරිදි මවක් හෝමාගම රජයේ රෝහලේදී මිය ගොස් ඇති බව මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙම මව ලූ‍ර්දු මාවත, උතුරු තොඩුවාව, මාරවිල ලිපිනයේ පදිංචි අයෙකි.

ඇයට ඇතිවූ අසනීප තත්ත්වය මත නෙවිල් ප‍්‍රනාන්දු රෝහලට ඇතුලත් කර ඇති අතර එම රෝහලින් කොරෝනා ආසාදිත බව හඳුනා ගැනීමෙන් පසු හෝමාගම රෝහලට මාරු කොට එවා තිබුණා.

එහිදී සැත්කමකින් දරුවා බිහිකර ඇති අතර දරුවාට කොරෝනා වැළඳී නොමැති බව වෛද්‍යවරු පවසනවා.

මේවන විට ඇයගේ සැමියා හැර පවුලේ සෙසු සාමාජිකයින් කොරෝනා ආසාදිතව ප‍්‍රතිකාර ලබමින් සිටින බවයි මාධ්‍ය වාර්තා කර ඇත්තේ.