රාජගිරියේ පවුලක් කැනඩාවේදී බීමත් රියැදුරාට බිලිවෙති! මියගිය දියණිය දින කිහිපයකට පෙර උපාධියත් ලබලා

0
Rajagiriya family - රාජගිරියේ පවුලක් කැනඩාවේදී බීමත් රියැදුරාට බිලිවෙති! මියගිය දියණිය දින කිහිපයකට පෙර උපාධියත් ලබලා

කැනඩාවේ මිල්ටන්හි බි‍්‍රටානියා මාර්ගයේ රිය අනතුරු ගහන ප‍්‍රදේශයකි.

මේ සතියේ දිනක 28 හැවිරිදි තරුණයකු පැදවූ කැඩිලැක් රථයක් හා ශ‍්‍රී ලාංකිකයකු පැදවූ සූම් රියක් ගැටීමෙන් සූම් රියේ තිදෙනා මරුමුවට පත්වූහ.

සූම් රිය පැදවූයේ අතුල කරුණානන්ද නමැති ශ‍්‍රී ලාංකිකයෙකි.

ඔහු පැදවූ රියේ බිරිය සොමිකැලූම් සහ දියණියද වේ.

කැඩිලැක් රිය පැදවූ 28 හැවිරිදි තරුණයා බීමත්ව සිටි බව හාල්පොන් පොලිසිය කියා සිටී.

සූම් රියට දැඩි හානි සිදුවී තිබූ අතර එහි අසුන්ගෙන සිටි රියැදුරු ඇතුළු  තිදෙනාගෙන් දෙදෙනකු එම ස්ථානයේදීම මියගිය අතර තුවාල ලැබූ තරුණිය රෝහලට ගෙනයෑමට පෙර මියගියේය.

මෙම සිද්ධියට වගකිවයුතු තරුණයා තුවාල ලබා ඇත.

මියගිය අතුල කරුණානන්ද මහතා වසර කීපයකට පෙර නාවල රාජගිරියේ සිට කැනඩාවට ගිය අතර ඔහුගේ දියණිය උපාධිය හිමිකරගනු ලැබුවේ දින කිහිපයකට පෙරය.

මෙම තිදෙනාගේ අවසන් කටයුතු 27 වැනි ඉරිදා මිල්ටන් නුවරදී පැවැත්වේ.

පවතින කොරෝනා වසංගතය නිසා අවමඟුලට සහභාගි විය හැක්කේ සුළු පිරිසකට පමණි.

(දිවයින පුවත්පත ඇසුරිනි)