කොරෝනා වසංගතය පාලනය වන තුරු සියලු සුරාසැල් වසා තබන්න

0
Liquor
මෙරට කොරෝනා වසංගතය පාලනය වන තුරු සියලු සුරාසැල් වසා තබන්නැයි රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කරනවා.

සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ මධ්‍යසාර ජනතාවගේ අත්‍යවශ්‍ය ද්‍රව්‍යයක් නොවන බැවින් සුරාසැල් වහාම වසා දැමිය යුතු බවයි.

කොරෝනා වැළඳී ඔක්සිජන් මත යැපෙන රෝගීන් සංඛ්‍යාව මෙතෙක් අඩුවී නැතැයි ද වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා කියා සිටියා.

එය නියත අගයක පවතින බවයි ඔහු අවධාරණය කළේ.