කොවිඩ් රෝගීන් ගෙදර තබා ප්‍රතිකාර කරන්න යෝජනාවක්

0

කොවිඞ්-19 රෝගීන්ගේ වැඩිවීම මත රෝහල් ධාරිතාව ඉක්මවායමින් පවතින නිසා රෝගීන් නිවෙස් තුළ තබා ගනිමින් විශේෂඥ වෛද්‍ය උපදෙස් අනුව ප‍්‍රතිකාර කිරීමේ ක‍්‍රමවේදය මෙරට තුළ ද ආරම්භ කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා මහතා පුවත්පතකට සඳහන් කර තිබෙනවා.

මේ වනවිට ලොව බොහෝ රටවල් මෙම ක‍්‍රමවේදය අනුගමනය කරන නිසා කොවිඞ් රෝගියකු යැයි සැකකරන පුද්ගලයකු ඒ පිළිබඳව මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයකු හෝ වෛද්‍යවරයකු දැනුවත් කරමින් නිවසේ සිට ප‍්‍රතිකාර ලබාගන්නා මෙම ක‍්‍රමවේදයට පිවිසීම කාලෝචිත බව ද හෙතෙම සඳහන් කර තිබුණා.

කොවිඞ් වාහකයකු බව දැනගත්ත ද රෝග ලක්‍ෂණ නොමැති නම් එම රෝගියාට නිවසේ සිට ප‍්‍රතිකාර ලබාගත හැකි ක‍්‍රමයක් පවතී නම් කිසිදු අවදානමකට ලක්නොවී නිවසේ සිටම ප‍්‍රතිකාර ලබාගත හැකි බව ද වෛද්‍ය නවින්ද සොයිසා මහතා සඳහන් කරනවා.

ඊට අමතරව හදිසි රෝග තත්ත්වයන් මතුව ඇත්නම් වහාම දුරකථනයෙන් වෛද්‍යවරයකු අමතා රෝහල් ගතවීමට කි‍්‍රයාකළ යුතු බව ද ඒ මහතා කියා සිටිනවා.