ත්‍රීවීල් ගාස්තුව කිලෝමීටරයට රු. 50ක් දක්වා ඉහළට

0
Three wheel - ත්‍රීවීල් ගාස්තුව කිලෝමීටරයට රු. 50ක් දක්වා ඉහළට
ඉන්ධන මිල ඉහළ දැමීමත් සමග ත්‍රීවීල් ගාස්තුව කිලෝමීටරයකට රුපියල් පනහක මුදලක් අය කරන බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියැදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සුදිල් දිල්රුක් ප්‍රකාශ කරයි.

වසර 10ක පමණ කාලයක සිට කිලෝමීටරයකට අය කරගනු ලැබුවේ රුපියල් 40ත් 45ත් අතර මුදලක් බැවින් කොරෝනා වසංගත තත්ත්වයෙන්ද විශාල ලෙසපීඩාවට පත්ව සිටින ත්‍රිරෝද රථ රියැදුරන්ට මෙම ඉන්ධන මිල එකවර ඉහළ දැමීම තවදුරටත් දරාගත නොහැකි බව ඔහු පැවැසුවේය.

කිසිදු සහනයක් ත්‍රිරෝද රථ රියැදුරන්ට මේ වනතෙක් වත්මන් රජයෙන් ලබාදී නොමැති බව හෙතෙම පවසා සිටියේය.

මෙම ගාස්තු ඉහළ දැමීමට සිදුවූවේද වෙනත් මාර්ගයක් නොමැති කමින් බව සභාපතිවරයා පෙන්වා දුන්නේය.

මෙම ඉන්ධන මිල ඉහළ දැමීමත් සමග වෙනත් ගැටලු රාශියක්ද පැන නැග ඇති බවත් මේ වන විට වාහන අමතර කොටස්වල මිල සහ ලිහිසි තෙල්වල මිල ඉහළ දැමීමක් සිදුවී ඇති බව ඔහු අවධාරණය කළේය.