වැරදි වෙලාවක ගෙනා කොවිඩ් දේහයක් නිසා සුසානයේ සිටි පිරිසම හතර අතේ දුවලා

0
Covid 19 dead - වැරදි වෙලාවක ගෙනා කොවිඩ් දේහයක් නිසා සුසානයේ සිටි පිරිසම හතර අතේ දුවලා

කොවිඞ් 19 වෛරසය වැලඳී මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඊයේ (21) පස්වරුවේ වස්කඩුව ආදාහනාගාරය වෙත රැගෙනවිත් නැවත රැගෙන ගිය බව ආදාහනාගාර පාලකවරයා පවසනවා

මෙසේ රැගෙන ගියේ මොරොන්තුඩුව, ගෝනදූව ප‍්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකුගේ මෘත දේහයක් බවයි වාර්තා වන්නේ

මියගොස් ඇති පුද්ගලයාගේ මළ සිරුර දහවල් 12ට ආදාහනය කිරීම සඳහා පවුලේ ඥාතීන් ආදාහනාගාරය වෙන්කරවා ගෙන දහවල් 11.30 සිට සුසාන භූමියේ රැඳී සිට ඇති අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ප‍්‍රමාදය හේතුවෙන් දේහය රැගෙන පැමිණ තිබෙන්නේ පස්වරු 2ට පමණයි

පස්වරු 2ට ආදාහනය කිරීම සඳහා වෙන්කර තිබූ කුඩා වස්කඩුව ප‍්‍රදේශයේ මෘතදේහය හතළිහකට ආසන්න පිරිසක් සමගින් පස්වරු 1.50ට පමණ රැගෙන විත් තිබූ අතර ඔවුන් සුසාන භූමියේ සිටියදීම කොවිඩ් දේහය රැගත් ගිලන් රථයක් සුසාන භූමියට පැමිණ තිබෙනවා

පසුව ගිලන් රථයේ කොවිඩ් දේහයක් තිබෙන බව දැනගත් ආදාහනාගාරයේ ඉදිරිපිට රැඳී සිටි පිරිස කලබලවී සීසීකඩ විසිර ගොස් ඇති බවයි වාර්තා වන්නේ

පසුව ආදාහනාගාර පාලක ප‍්‍රාදේශීය සභාවේ නිලධාරියෙක් අමතා වස්කඩුව ප‍්‍රදේශයෙන් රැගෙන ආ දේහය ආදාහනය කළ අතර, කොවිඞ් දේහය අයත් ඥාතීන් අසීරුතාවයට පත්ව සුසාන භූමියේ රැඳී සිට තිබෙනවා